www.hairlanka.com

Thursday, March 28, 2013

www.worldwithoutcancer.org නම් වෙබ් අඩවියේ ද දැකිය හැකි ය. 

ඉතා කෙටියෙන් කියනවා නම් එය පිළිකාව මත ක්‍රියා කරන්නේ මෙසේ ය. ඇප්‍රිකොට්‌ ඇටයේ මදයේ විටමින් ඊ17 නම් වූ ද්‍රව්‍යයක්‌ අඩංගු ය. එය සොයාගනු ලැබුවේ දශක කිහිපයකට පෙර ඇෆ්ගනිස්‌තානයේ ආගමික ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයකු විසිනි. අෆ්ගනිස්‌තානුවන් සිය පොහොසත්කම මනිනු ලබන්නේ ඔවුන් සතු ඇප්‍රිකොට්‌ ගස්‌ සංඛ්‍යාව අනුව බව මේ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට දැනගන්නට ලැබිණි. ඇෆ්ගනිස්‌තානු ජාතිකයෝ ඇප්‍රිකොට්‌ ඵලය මෙන්ම ඇටවල මදය ද අනුභව කළ හ. ඇප්‍රිකොට්‌ ඇටයේ මදය ආමන්ඩ්වල හැඩය, ප්‍රමාණය හා සුවඳට සමාන ය. ඇප්‍රිකොට්‌, තිත්ත ආමන්ඩ් (Bitter almond) නමින් ද හඳුන්වනු ලබයි. එම බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට පෙනී ගිය විශේෂ කරුණක්‌ වූයේ එම පෙදෙසේ සිටි කිසිවකු පිළිකා රෝගයෙන් නො පෙළන බව ය. ඇප්‍රිකොට්‌ ඇටයේ මදයේ විටමින් B17 නමින් හඳුන්වනු ලබන ද්‍රව්‍යයක්‌ අඩංගු බව එම වෛද්‍යවරයාට සොයා ගන්නට ලැබිණි. 




 අප විසින් එදිනෙදා ගනු ලබන ආහාරවල මේ විටමින් B17 අඩංගු දැයි සොයා බැලීමට මා සිත තුළ කුතුහලයක්‌ ඇති විය. අන්තර්ජාලය හරහා සොයා බලද්දී මඤ්ඤොක්‌කාවල විටමින් B17 ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු බව දැන ගන්නට ලැබිණි. ඒ අනුව මම අනුමාන වශයෙන් සිතා මඤ්ඤොක්‌කා ග්‍රෑම් 100ක්‌ පමණ දිනකට වරක්‌ ආහාරයට ගන්නට පටන් ගත්තෙමි. මෙසේ මඤ්ඤොක්‌කා මාසයක්‌ පමණ නිතිපතා ආහාරයට ගැනීමෙන් පසුව ජාතික රෝහලේ මගේ පුරුදු ශල්‍ය වෛද්‍යවරයා හමු වී මුත්‍රාශයේ සයිටොස්‌කොපි පරීක්‍ෂාවක්‌ කර ගත්තෙමි. මගේ මුත්‍රාශය සම්පූර්ණයෙන් නිරෝගී සහ සාමාන්‍ය තත්ත්වයෙන් තිබෙනු දුටු වෛද්‍යවරයා ද පුදුමයට පත් විය." බයොප්සි පරීක්‍ෂාවට සාම්පලයක්‌ ගන්න තැනක්‌ වත් නෑ..." ඒ ශල්‍ය වෛද්‍යවරයා ගේ වදන් ම විය.

මා මඤ්ඤොක්‌කා ආහාරයට පටන් ගත් පසු මා අවට ඇසුරු කරන අය කියන්නට පටන් ගත්තේ මා වෙනදාට වඩා සුවතාවෙන් සිටින බව පෙනෙන බවයි. ඒ ඔවුන් මා තුළ දුටු වෙනස ය.

මුත්‍රාශයේ නවතම වෛද්‍ය පරීක්‍ෂණයේ ප්‍රතිඵලවලින් දිරිමත් වූ මම ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් පිළිකා රෝගීන් ගේ ද සුබසිද්ධිය පිණිස මා ගේ කතාව ප්‍රසිද්ධියට පත් කළෙමි.

එවක්‌ පටන් තුන් මසකට වරක්‌ එම වෛද්‍යවරයා ලවා ම මා ගේ මුත්‍රාශය පරීක්‍ෂාවට භාජන කරන ලද අතර ඒ හැම අවස්‌ථාවක දී ම පෙනී ගියේ මා ගේ මුත්‍රාශයේ නිරෝගී බවයි. මඤ්ඤොක්‌කා අනුභවය හැර මා මේ දක්‌වා කිසිදු ප්‍රතිකාරයක්‌ ගෙන නැත.

මඤ්ඤොක්‌කාවල අඩංගු විටමින් B17 ක්‍රියා කරන ආකාරය ඉතා සරලව පැහැදිලි කරනු කැමැත්තෙමි. විටමින් B17වල විද්‍යාත්මක නාමය වන්නේ amygdalin ය. පිළිකා සෛල අපරිණත සෛල බවත් ඒවායේ එන්සයිම සාමාන්‍ය සෛලවල එන්සයිමවලට වඩා වෙනස්‌ බවත් අපි දනිමු.

විටමින් B17 සාමාන්‍ය සෛලයක්‌ තුළ දී සීනි අණු 3ක්‌ බවට පරිවර්තනය වේ. එහෙත් පිළිකා සෛලයක්‌ තුළ දී එය සීනි අණුවක්‌, බෙන්සැල්ඩිහයිඩ් අණුවක්‌ හා හයිෙඩ්‍රාසයනික්‌ අම්ල අණුවක්‌ නිපදවයි. හයිෙඩ්‍රාසයනික්‌ අම්ලය මගින් පිළිකා සෛලය මරුමුවට පත් කරයි. 

No comments:

Post a Comment