www.hairlanka.com

Tuesday, June 18, 2013

CURE FOR DENGUE FEVER ඔබතුමිය විසින් සිදු කරණු ලබන අනෙකුත් පර්යේෂණ ගැනත් අපි දැන ගන්න කැමතියි. ඩෙංගු ඇති වන්නේ වෛරසයකින්. වෛරස්වලට බෙහෙත් නෑ කියන එකයි සාමාන්‍ය පිළිගැනීම. මේ සොයා ගැනීම වෛරස්වලට හොඳ උත්තරයක්. ඒ නිසා ඉදිරියේදීත් වෛරස් නිසා ඇති වෙන රෝගවලට ප‍්‍රතිකාර විධි සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදු කරන්න මං බලාපොරොත්තු වෙනවා. ලියුකේමියා වැනි රෝග පිළිබඳවත් පර්යේෂණ සිදු කෙරෙනවා. වෛද්‍ය තරංගා කුමාරි වික‍්‍රමසූරිය මෙනවිය විසින් සිදු කළ මේ මහානීය සොයා ගැනීම, හිස ඔසවන්නට නො දී පැතිර යන ඩෙංගු රෝගය ගැන බය සංකා උරුමකොට ගත් ශී‍්‍ර ලාංකිකයන්ගේ නො මඳ සැනසීම පිණිස හේතු වන බව නිසැක ය. මෙවන් සුජාත දූ පුතුන් ලබන්නට ලක්මව සැබැවින් ම පින්බර ය. දුර්ලභව ලද මනුසත් බව නිරෝගී කොට සුවපත් කරවන්නට ඇය තැබූ මේ පියවර හෙළ ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වනු ඇත. ගිලන් ලොවට පිළිසරණක් වෙමින් ඇය සිදු කළ මේ මෙහෙවර ඇයගේ ජීවිතය කරා ගලා එන පුණ්‍ය ගංගාවක් සකසා අවසාන ය. සත්වගට ම දුකට වෙදාණන් වූ සම්බුදු සමිඳුන්ගේ සම්බුද්ධ රාජ්‍යය ජීවමාන මේ යුගයේ, ලොවක් සුවපත් කරමින් සිදු කරනා මේ උත්තම පුණ්‍ය මෙහෙවර, මේ වෙදැදුරුතුමියට මතු යම් දිනෙක සසර දුකින් මිදී සදහට ම සුවපත් වීම පිණිස ම උපකාර වේවා! වෛද්‍යතුමිය හා සම්බන්ධ විය හැකි දුරකථන අංක : 0917 914202 ගමන් මාර්ගය : ගාල්ල, කුමාරකන්ද හරහා අලූත්වෙල හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරුවෙන් පිට වී, අලූත් බටපොළ හරහා අලූත්වෙල mahamegha.lk